
රේගු නිලධාරීන් අද සහ හෙට අසනීපෙන්
සිය ඉල්ලීම්වලට බලධාරීන් නිසි විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් අද (04) සහ හෙට (05) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත නිරතවන බව ශ්‍රී ලංකා රේගු වෘත්තිය සමිති සන්ධානය පවසනවා
ඒ අනුව රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව එක්කර එකම ආයතනයකට බලය පැවරීමට එරෙහිව මෙම වෘත්තිීය සමිති ක්‍රියාමාර්ගය සිදු කරන බවයි රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා පැවසුවේ.
එමෙන්ම, පසුගිය දින කිහිපයේ ද රේගු වෘත්තීය සමිති අනුගමනය කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් බහාලුම් විශාල ප්‍රමාණයක් කොළඹ වරායේ සිරව ඇති බවයි වාර්තා වන්නේ