ලංගම අඩුපාඩු හොයන්න බදුල්ලට ගිය සභාපතිට හොරේ දැනෙයි (VIDEO)
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ අනතුරු කිහිපයක් වාර්තා වීමත් සමග ඒ පිළිබඳව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව ලංගමට අයත් ඩිපෝ කිහිපයක පවතින අඩු පාඩු සොයා බැලීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටියා.
ලංකා ගමනාගමන මණ්ඩලයේ බදුල්ල ඩිපෝවේ පවතින අඩුපාඩු සොයාබැලීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න මහතා බදුල්ල ඩිපෝවට සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ බදුල්ල සමවායට පැමිණියා.
එහිදී බස් රථවල දිරාගිය කොටස් සඳහා නව කොටස් සවි කිරීම වෙනුවට පැරණි දිරාගිය කොටස් මතම තීන්ත ආලේප කර ඇති ආකාරයද ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට නිරීක්ෂණය වුණා.