ලංවිම සභාපතිවරයා ඉල්ලා අස්වෙලා නැහැ

ලංවිම සභාපතිවරයා ඉල්ලා අස්වෙලා නැහැ

විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මාධ්‍ය තුළ සංසරණය වන වාර්තා බලශක්ති අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පෞද්ගලික හේතූන් මත විදේශගත වීමට සැලසුම් කර ඇති බැවින්, සභාපතිවරයා සිය නිවාඩුව දැනුම් දෙමින් බලශක්ති අමාත්‍යවරයා ට ලිපියක් ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේ.

ඒ අනුව ලංවිම සභාපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳ පලවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව එම නිලධාරියා වැඩිදුරට කියා සිටියා.

Share This