
ලක් ලුනු මිල පහළ දමයි – සතොසෙන් නව ලුනු පැකට්ටුවක් අඩු මිලට
අයඩින් මිශ්‍ර ලක් ලුනු ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රු.20 කින් පහළ දමා තිබෙනවා.
ලංකා ලුනු සමාගමේ සභාපතිවරයා පවසන්නේ කි.ග්‍රෑ. 1 ක ලුනු පැකට්ටුවක මිල රු.30 කින් පහළ යන බවයි.
වෙළෙදපළේ ලුනු ග්‍රෑම් 400 පැකට්ටුවක පැවති මිල වුණේ රු. 120 ක්. ඒ අනුව නව මිල රු. 100 ක් වනු ඇති.
කි.ග්‍රෑම් 01 ලුනු පැකට්ටුවක මිල රු.180 ක් වූ අතර නව මිල වන රු. 150 කට හෙට සිට ලබාගත හැකියි.
සතොස හරහා නව ග්‍රෑම් 400 ලුනු පැකට්ටුවක් ද හදුන්වා දී තිබෙන අතර එම ලුකු පැකට්ටුවක් රු.90 ක මිලට ලබාගැනීමේ හැකියාව පවතිනවා.
ලංකා ලුනු සමාගමේ සභාපතිවරයා පවසන්නේ හම්බන්තොට මහ ලේවාය,බුන්දල ලේවාය සහ පලටුපාන ලේවාය යන ලේවා 3 හි යල් කන්නයේ ලුනු නෙලීම ආරම්භ කර ඇති බැවින් පාරිභෝගිකයාට සහන සැලසීමේ අරමුණින් මෙම මිල පහත දැමිම සිදුකර ඇති බවයි.