ලකුණු 96කට සීමා වූ සිම්බාබ්වේ ඉනිම

ලකුණු 96කට සීමා වූ සිම්බාබ්වේ ඉනිම

ශ්‍රී ලංකාවට එරෙහි තෙවැනි සහ අවසන් එක්දින තරගයේ පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 96කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා .

ඒ, අද (11) කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මේ වන විට පැවැත්වෙන තරගයේදීයි..

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

අවස්ථා කිහිපයකදී වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට ද සිදු වූ අතර එක් කණ්ඩායමකට පන්දුවාර 27 බැගින් ලබාදීමට තීරණය වුණා.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 22යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 96ක් ලබාගත්තා.

එහිදී වනිඳු හසරංග ලකුණු 19කට කඩුලු 07ක් බිඳ හෙලීමට සමත් වුණා.

තරගය ජයගැනීම සඳහා පන්දුවාර 27ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 97ක්.

Share This