ලන්ඩනයේ ගුවන් තොටුපළක ගුවන් යානයක් කඩා වැටේ

ලන්ඩනයේ ගුවන් තොටුපළක ගුවන් යානයක් කඩා වැටේ

ලන්ඩන් සවුත්එන්ඩ් ගුවන්තොටුපළේදී කුඩා ගුවන් යානයක් ඊයේ පස්වරුවේ කඩා වැටී තිබෙනවා.

එසෙක්ස් පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අගනුවරට සැතපුම් 45 ක් පමණ නැගෙනහිරින් පිහිටි කුඩා ගුවන්තොටුපළේ “බරපතල සිදුවීම” පිළිබඳව දේශීය වේලාවෙන් සවස 4 ට පෙර දැනුම් දුන් බවයි.

සමාජ මාධ්‍යවල පළ කරන ලද පින්තූරවල අනතුර සිදු වූ ස්ථානයෙන් ගිනිදැල් සහ කළු දුමාරයක් නිකුත් වන බව පෙන්නුම් කළා.

අදාළ ගුවන් යානය අඩි 39 ක් දිගින් යුත් බව සදහන්..

යානය ගමන් කරන්නේ කොතැනටද යන්න හෝ එහි කී දෙනෙකු සිටියාද යන්න පිළිබඳ කිසිදු විස්තරයක් මෙතෙක් අනාවරණය කර ගෙන කැහැ.

Share This