ලබන වසරේදී දේපල බද්දක් (VIDEO)

ලබන වසරේදී දේපල බද්දක් (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති වැඩසටහනට අනුව 2025 දී අලුතින් දේපල බද්දක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පවසනවා.

මේ බද්ද මගින් දේපළ හිමියන් මත බදු අයකර ගැනීමට රජයට හැකිවනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

2022 දී 7% දක්වා පහත වැටී තිබූ බදු ආදායම 2023 දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 9% දක්වා වර්ධනය වී ඇති බවත් එසේම බදු ආදායම 2024 දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 12% දක්වා සහ 2025දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 14% දක්වා ද වැඩි කර ගැනීමට ඉලක්ක කර ඇති බව ද බෲවර් මහතා පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්පූර්ණ සහාය ලබා දෙන අතර රජයේ බදු ආදායම පෙර තිබූ තත්ත්වයට වර්ධනය කර ගැනීම ඉතා වැදගත් බවයි පීටර් බෲවර් මහතා සඳහන් කරන්නේ.

එසේම ණය ප්‍රතිව්‍යුගතකරණ එකඟතාවන් සම්බන්ධයෙත් ඉතා ඉක්මනින් අවසන් ගිවිසුම්වලට එළඹීම ඉතා වැදගත් බව ද බෲවර් මහතා අවධාරණය කළා.

Share This