ලාංකිකයින් ලක්ෂ 5ක් පමණ එන්නත් එකම මාත්‍රාවක්වත් ගෙන නෑ -බරපතළ සෞඛ්‍යමය අවදානමක් ගැන අනතුරු ඇඟවෙයි

ලාංකිකයින් ලක්ෂ 5ක් පමණ එන්නත් එකම මාත්‍රාවක්වත් ගෙන නෑ -බරපතළ සෞඛ්‍යමය අවදානමක් ගැන අනතුරු ඇඟවෙයි

ලක්ෂ 5ත් 6ත් අතර පිරිසක් එන්නත් එකම මාත්‍රාවක් හෝ ලබා නොගෙන මග හැර සිටින බව වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

වැඩිදුරටත් ඔහු සඳහන් කරන්නේ මෙම වගකීම් විරහිත පිරිස නිසා සමාජය තුළ බරපතළ සෞඛ්‍යමය අවදානමක් මතුවී ඇති බවයි.

එන්නත් ලබා නොගත් පිරිස්වලට කොවිඩ් වෛරසය ප්‍රබල ලෙස පැතිර විය හැකි බවද ඔහු පෙන්වා දෙනවා

කොවිඩ්  එන්නත මෙසේ මඟ හැර සිටින පිරිසෙන් බහුතරයක් තරුණ අය වන අතර සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන මිත්‍යා මත හේතුවෙන් ඉන් බහුතරයක් එන්නත මඟ හැර සිටින බවට තොරතුරු දැනගන්නට ඇතැයිද අන්වර් හම්දානි මහතා  සඳහන් කරනවා

එන්නත් මාත්‍රා එකක් හෝ ලබා නොගත් 20,000 කට වැඩි පිරිසක් කොළඹ නගරයේ සිටින බව කොළඹ නගර සභා ආරංචි මාර්ගවලින් පැවසෙන බවත් මෙරට ජනගහනයෙන් සියයට 74ක්  එන්නත්  පළමු මාත්‍රාව ලබා ගෙන ඇති අතර  එන්නත් දෙවෙනි මාත්‍රාව ලබා ගෙන ඇති සංඛ්‍යාව සියයට 64ක් .

බූස්ටර්  එන්නත ලබාගෙන ඇති සංඛ්‍යාව මෙරට ජනගහනයෙන් සියයට 20ක් .

කොවිඩ් තෙවෙනි රැල්ල ආරම්භ වූ අවස්ථාවේ දී දෛනික  ආසාදිතයන් සංඛ්‍යාව  උපරිම වශයෙන් 5200ක් දක්වාද  මරණ සංඛ්‍යාව 228ක් දක්වාද ඉහළ ගිය බව පැවසූ අන්වර් හම්දානි මහතා මේ වනවිට දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 600ක් දක්වාද මරණ සංඛ්‍යාව 16ත් 20ත් අතර සංඛ්‍යාවක් දක්වාද පහත බැස ඇතැයි සඳහන් කර සිටිනවා

එන්නත්කරණයේ සාර්ථකභාවය නිසා මෙම ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවූ බවත්  තෙවැනි එන්නත් මාත්‍රාවද  කඩිනමින් ලබා ගන්නා ලෙස  ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත්  වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

Share This