ලැබී ඇත්තේ ‘සර්ප්‍රයිස්’ ලොක්ඩවුන් එකක් !

ලැබී ඇත්තේ ‘සර්ප්‍රයිස්’ ලොක්ඩවුන් එකක් !

සියලු පාර්ශ්ව විසින් ඉල්ලා සිටි විද්‍යාත්මකව රට සම්පූර්ණයෙන්ම වසා දැමීමක් වෙනුවට ලැබී ඇත්තේ “සර්ප්‍රයිස් ලොක්ඩවුන්” එකක් බවට ජාතික වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසන බව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී අද (24) සඳහන් කළා.

ඊයේ (23) වන විට රට වසා දමා දින තුනක් ගත වුවත් රට වසා දැමීමෙන් නියම ප්‍රතිඵල හිමිකර ගැනීමට මේ වන තුරු සෞඛ්‍ය අමාත්‍යාංශයට කිසිදු වැඩපිළිවෙළක් නැතැයි හෙතෙම චෝදනා කරන බවයි දිනපතා පුවත්පතක් උපුටා දක්වමින් එහිදී සඳහන් කෙරුණේ.

කොරෝනා පරීක්ෂණ සිදුකර ගැනීමට මහජනතාවට ඇති අයිතියට බාධා ඇති කරමින් දෛනික PCR ධාරිතාව අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හිතාමතා වැඩකටයුතු කරන බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ සැකසීම පවා විවිධ කල්ලිවල පෞද්ගලික වුවමනාවන්වලට යටත්ව සිදුකෙරෙන බවත් රවී කුමුදේශ් සඳහන් කර තිබෙනවා.

 

Share This