ලැව්ගින්නෙන් විනාශ වූ Maui ප්‍රාන්තය නැවත ගොඩනැගීමේ වියදම ඩොලර් බිලියන 5.5 ක් (VIDEO)

ලැව්ගින්නෙන් විනාශ වූ Maui ප්‍රාන්තය නැවත ගොඩනැගීමේ වියදම ඩොලර් බිලියන 5.5 ක් (VIDEO)

හවායි හි Maui ප්‍රාන්තයේ ඇතිවූ ගින්නෙන් මේ වනවිට මිය ගිය ගණන 93ක් බව එරට බලධාරීන් තහවුරු කර තිබෙනවා

එක්සත් ජනපදයේ ඇති වූ දරුණුතම ලැව්ගින්න මෙය බවත් ඓතිහාසික ලහයිනා නගරය මෙයින් විනාශ වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි හවායි ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් අනතුරු අඟවන්නේ

වින්දිතයින් හඳුනා ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය කටයුතු අඛණ්ඩව සිදු වෙමින් පවතින බවද සඳහන්

හවායි ලැව් ගින්නෙන් සුප්‍රසිද්ධ නුග ගසක් සහ සියවස් ගණනක් පැරණි පල්ලියක් ද විනාශ වී තිබෙනවා

ගින්න ගැන අනතුරු ඇඟවීම් සිදු නොකළ බව එරට ජනතාව පවසන අතර පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති භාවිතා කළේද නැතහොත් ඒවා ක්‍රියා විරහිත වූයේද යන්න අපැහැදිලිව පවතින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ලැව්ගිනි මේ වන විට බොහෝ දුරට පාලනය කර ඇති අතර, ඒවා සම්පූර්ණයෙන්ම නිවා දැමීම සඳහා විනාශ වී ඇති ලහයිනා හි අවට ඇතුළු දිවයිනේ සමහර ප්‍රදේශවල මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව සඳහන්

මේ වනවිට බලධාරීන්ගේ අවධානය යොමු වී ඇත්තේ දිවයිනේ වෙරළබඩ ප්‍රදේශයේ ඉතිරිව ඇති සුන්බුන් යට තිබෙන සිරුරු සෙවීමට සහ ඒවා හඳුනා ගැනීමට පුහුණු කරන ලද සුනඛයන් යොදා ගැනීම පිළිබඳවයි

මේ වන විට ඔවුන් සෙවුම් ප්‍රදේශයෙන් 3% ක් පමණක් ආවරණය කර ඇති බව Maui ප්‍රාන්තයේ පොලිස් ප්‍රධානී John Pelletier පවසනවා

තවමත් පුද්ගලයන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් සොයා ගැනීමට නොහැකිවී ඇති බවද සඳහන් වනවා

ලැව්ගිනි හේතුවෙන් ගොඩනැගිලි 2,000කට වැඩි ප්‍රමාණයකට හානි හෝ විනාශ වී තිබෙන බවයි පැවසෙන්නේ

පැසිෆික් ආපදා මධ්‍යස්ථානය (PDC) සහ වොෂින්ටනයේ සිට හවායි වෙත සහන කටයුතු සම්බන්ධීකරණය කරන FEMA ට අනුව Maui නැවත ගොඩනැගීමේ වියදම ඩොලර් බිලියන 5.5 ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා

Share This