ලැව්ගිනි පැතිරීමට පෙර පුර්ව ක්‍රියාමාර්ග නොගැනීම ගැන ගැටළු පැන නැගේ – මරණ 110ක් දක්වා ඉහළට

ලැව්ගිනි පැතිරීමට පෙර පුර්ව ක්‍රියාමාර්ග නොගැනීම ගැන ගැටළු පැන නැගේ – මරණ 110ක් දක්වා ඉහළට

හවායි හි Maui ප්‍රාන්තයේ ලැව්ගිනිවලින් මියගිය සංඛ්‍යාව මේ වන විට 110 ක් බව හවායි ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් සඳහන් කර තිබෙනවා

ලැව්ගිනි පැතිරීමට පෙර පුර්ව ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව නිලධාරීන්ට ගැටළුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුව ඇති බවද සඳහන් වනවා

අනතුරු ඇඟවීමේ සයිරන් නාද නොවීම සම්බන්ධයෙන්ද ජනතාව නිලධාරීන්ගෙන් විමසා ඇතැයි සඳහන්

හවායි හි ලොව විශාලතම සයිරන් අනතුරු ඇඟවීමේ පද්ධතියක් ඇති නමුත් ලැව්ගිනි පැතිරීමේදී Maui හි එලාම් 80ම නාද නොවූ බවද විදෙස් මාධ්‍ය පවසනවා

කෙසේවෙතත් Maui හදිසි කළමනාකරණ නියෝජිතායතනයේ පරිපාලක Herman Andaya වාර්තාකරුවන්ට පවසා ඇත්තේ ලැව්ගිනි අගෝස්තු 8 වනදා දරුණු ලෙස පැතිරීමට පටන් ගත් බැවින් සයිරන් භාවිතා නොකිරීම ගැන තමා කණගාටු නොවන බවත් සයිරන් නාද කිරීමෙන් මරණ සංඛ්‍යාවට එය බලපාන්නේ නැති බවත්ය.

ප්‍රදේශයට සුනාමියක් ළඟා වන විට අනතුරු ඇඟවීමට සයිරන් ප්‍රධාන වශයෙන් භාවිතා කරන බවත්, ඒවා නාද වූවා නම්, බොහෝ නිවැසියන් ගින්න පවතින දරුණුතම කඳුකරයට යාමට ඉඩ ඇති බවත් Herman Andaya පවසනවා

පිළිස්සුම් තුවාල ලැබූ බොහෝ දෙනෙකු නිසා මවුයි වෛද්‍ය මධ්‍යස්ථාන මෙන්ම රෝහල් පිරී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා .

Share This