ලිට්‍රෝ සමාගමට බිලියන 7ක ලාභයක් (VIDEO)

ලිට්‍රෝ සමාගමට බිලියන 7ක ලාභයක් (VIDEO)

ලිට්‍රෝ ගෑස් සමාගම රුපියල් බිලියන 7ක ලාභයක් ලබා ඇති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.

එමෙන්ම 2023 වසරේ දී ලාභාංශ ලෙස රුපියල් බිලියන 1.5ක් අද (26) මහා භාණ්ඩාගාරය වෙත ලබාදෙන බවයි ඔහු සඳහන් කළේ.

අද (26) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළා.

2023 ඔක්තෝබර් මාසයේදී ද රුපියල් බිලියන 1.5ක ලාභාංශ මහා භාණ්ඩාගාරය වෙත ලබා දී අතර ඒ අනුව 2023 වසරේ රුපියල් බිලියන 3ක ලාභාංශ මේ වන විටත් මහා භාණ්ඩාගාරය වෙත ලබා දී ඇති බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ.

 

 

Share This