ලිබියාවට බලපෑ ගංවතුර හේතුවෙන් රෝග ඇතිවීමේ අවදානමක් – මිය ගිය ගණන ඉහළට

ලිබියාවට බලපෑ ගංවතුර හේතුවෙන් රෝග ඇතිවීමේ අවදානමක් – මිය ගිය ගණන ඉහළට

නැගෙනහිර ලිබියාවට බලපෑ ගංවතුරෙන් දින පහක කාලයකට පසුවත් දිවි ගලවා ගත් අයට උපකාර කිරීමට සහ මියගිය අය සොයා ගැනීමට සහන කණ්ඩායම් තවදුරටත් උත්සාහ දරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඩැනියෙල් කුණාටුවෙන් පසු ඇතිවූ දැඩි වර්ෂාපතනය හේතුවෙන් වේලි දෙකක් කැඩී යාමෙන් ඩර්නා නගරයේ දහස් ගණනක් ජනතාව ජීවිතක්ෂයට පත් වුණා

මියගිය සංඛ්‍යාව ලෙස සංඛ්‍යාලේඛනවල 6,000 සිට 11,000 දක්වා සටහන් වූවත් දහස් ගණනක් තවමත් අතුරුදහන් වී ඇති බැවින්, ඩර්නා වරාය නගරයේ නගරාධිපති පවසන්නේ මුළු සංඛ්‍යාව 20,000 දක්වා ළඟා විය හැකි බවයි.

මේ අතර අනතුරු ඇඟවීම් නිකුත් කළේ නම් බොහෝ මරණ වළක්වා ගත හැකිව තිබූ බව එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසනවා .

පුද්ගලයන් 30,000කට පමණ නිවාස අහිමි වී ඇති බව සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සඳහන් කරනවා

දූෂිත ජලයෙන් රෝග ඇතිවීමේ අවදානම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානුෂීය ඒජන්සිය අනතුරු අඟවා තිබෙනවා .

Share This