ලිබියාවට බලපෑ ගංවතුරෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 11,000 ඉක්මවයි

ලිබියාවට බලපෑ ගංවතුරෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 11,000 ඉක්මවයි

ලිබියාවේ ගංවතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 11,300 දක්වා ඉහළ ගොස් තිබෙනවා

රතු කුරුස සංවිධානය පැවසුවේ තවත් දහස් ගණනක් අතුරුදන්ව ඇති බවයි

නැගෙනහිර ඩර්නා නගරයේ විශාල කොටස් විනාශ වී ඇති අතර මිලියනයකට ආසන්න පිරිසකට උපකාර අවශ්‍ය බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ.

තුර්කිය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගලවා ගැනීමේ සහ වෛද්‍ය කණ්ඩායම් යවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ

කෙසේ වෙතත් ලැබී ඇති ආධාර ප්‍රමාණය ප්‍රමාණවත් නොවන අතර ඩර්නා නගරයේ යටිතල පහසුකම්වලට විශාල හානියක් සිදුව තිබෙනවා.

එමෙන්ම ඩර්නා හි මාර්ග සහ පාලම්වලට හානි සිදුවී ඇති අතර ඒ හේතුවෙන් නගරය තුළට සහ ඉන් පිටත ගමනාගමනයට බාධා මතුව ඇති බවයි වාර්තා වන්නේ

Share This