ලිබියාවේ ගංවතුරෙන් 20,000ක් පමණ මිය යන්නට ඇතැයි සැක පළ කෙරේ – දින 10කට පාසැල් නිවාඩු

ලිබියාවේ ගංවතුරෙන් 20,000ක් පමණ මිය යන්නට ඇතැයි සැක පළ කෙරේ – දින 10කට පාසැල් නිවාඩු

ලිබියාවේ නැගෙනහිර ප්‍රදේශයට බලපෑ ව්‍යසනකාරී ගංවතුරෙන් පුද්ගලයන් 20,000 ක් පමණ මිය යන්නට ඇතැයි මේ වනවිට නිලධාරීන් සැක පළ කරනවා.

විනාශයට පත් ඩර්නා වරාය නගරයේ නගරාධිපතිවරයා පවසා ඇත්තේ මෙම සංඛ්‍යාව පදනම් වී ඇත්තේ වේලි දෙකක් පුපුරායාම නිසා සම්පූර්ණයෙන්ම විනාශ වූ දිස්ත්‍රික්ක සංඛ්‍යාව මත බවයි.

මේ වන විට 5,300 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර තවත් 30,000 ක් පමණ ගංවතුර හේතුවෙන් අවතැන් වී තිබෙනවා

සැප්තැම්බර් 11 ගංවතුරෙන් විපතට පත් ලිබියානුවන් සමග සහයෝගීතාවය ප්‍රදර්ශනය කරමින් ලිබියාවේ ජාතික එකමුතුවේ රජයේ අගමැති අබ්දුල් හමීඩ් අල්-දබයිබා දින 10 ක කාලයකට රට පුරා ඉගෙනීම අත්හිටුවා ඇති බවද සඳහන් වනවා

එමෙන්ම අධ්‍යාපන කටයුතු අත්හිටුවීම නිසා ගංවතුරෙන් දිවි ගලවා ගත් අය සඳහා තාවකාලික නවාතැන් පහසුකම් ලෙස පාසල් භාවිතා කිරීමට ඉඩ සැලසෙන බවත් අගමැතිවරයා පවසනවා

Share This