ලෙබනනයේදී වෙඩි කෑ අයර්ලන්ත සොල්දාදුවා

ලෙබනනයේදී වෙඩි කෑ අයර්ලන්ත සොල්දාදුවා

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරියේ යෙදී සිටි අයර්ලන්ත සෙබළෙකු ලෙබනනයේදී වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් තවත් සොල්දාදුවන් තිදෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ඊයේ (14) රාත්‍රියේ බේරූට් වෙත ගමන් කරමින් සිටියදී සොල්දාදුවන් අට දෙනෙකු රැගත් සන්නද්ධ රථ දෙකකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා

එක් සොල්දාදුවෙකු සිදොන් අසල රෝහලකට ගෙන යන විටත් මිය ගොස් ඇති අතර තවත් අයෙකු ශල්‍යකර්මයකට භාජනය කර බරපතල තත්ත්වයේ පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

අනෙක් සෙබළුන් දෙදෙනා සුළු තුවාල ලබා ප්‍රතිකාර ලබන බවයි පැවසෙන්නේ

Share This