ලොව දැවැන්තයෙක් ආහාර අර්බුදයක

ලොව දැවැන්තයෙක් ආහාර අර්බුදයක

උතුරු කොරියාව දැඩි ආහාර අර්බුදයකට මුහුණ දී ඇති බවට ලෝක ආහාර වැඩසටහන තොරතුරු වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව 2021 වසරට සාපේක්ෂව 2022 වසරේ අහාර නිෂ්පාදනය ටොන් 180,000කින් පමණ පහත වැටි ඇති බවයි වාර්තාවන්නේ.

එසේම 2023 ආරම්භයේදී එරට බඩ ඉරිඟු මිල ද 20% කින් ඉහළ ගොස් ඇති බවද සඳහන්.

කෘෂිකර්මාන්තය එරට ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වුව ද ඊට අවශ්‍ය මුදල් නොමැතිවීම මීට හේතු වී ඇති බවයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

Share This