ලොව වයස්ගතම සුනඛයා වන Bobi මරුට – වයස අවුරුදු 31යි

ලොව වයස්ගතම සුනඛයා වන Bobi මරුට – වයස අවුරුදු 31යි

ගිනස් ලෝක වාර්තාවකට හිමිකම් කියන ලොව වයස්ගතම සුනඛයා වන Bobi වයස අවුරුදු 31යි දින 165දී මියගොස් තිබෙනවා.

පශු වෛද්‍ය Karen Becker විසින් සත්ත්ව රෝහලකදී Bobiගේ මරණය මුලින්ම ප්‍රකාශයට පත් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බොබිගේ අසාමාන්‍ය මහලු වියට බොහෝ රහස් තිබූ බව ඔහුගේ හිමිකරු වන Leonel Costa සඳහන් කරනවා.

Bobi සෑම විටම පටි හෝ දම්වැලකින් තොරව නිදහසේ සැරිසරා තිබෙනවා.

එමෙන්ම සන්සුන්, සාමකාමී පරිසරයක Bobi ජීවත් වී ඇති අතර කුළුබඩු යොදා පිසින ලද මිනිසුන් ආහාරයට ගන්නා දේ පමණක් ආහාරයට ගැනීමට හුරු වී සිටි බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

එමෙන්ම Bobi මුළු ජීවිතයම ගත කර ඇත්තේ ලිස්බන් අගනුවරට උතුරින් කිලෝමීටර් 150ක් පමණ ඔබ්බෙන් වූ කුඩා පෘතුගීසි ගම්මානයක් වන Conqueiros ගම්මානයේ සිටින ඉබාගාතේ යන බළලුන් සහ සුනඛයින් සමගයි.

Bobi සුනඛයා Rafeiro do Alentejo යන සුනඛ වර්ගයට අයත් වනවා.

සාමාන්‍යයෙන් Rafeiro do Alentejosගේ ආයු කාලය වන්නේ අවුරුදු 12-14 පමණක් ලෙසයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් Bobi සාමාන්‍ය ආයු කාලය මෙන් දෙගුණයකටත් වඩා වැඩි කාලයක් ජිවත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

 

Share This