ලෝක ආහාර වැඩසටහනේ (WFP) නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය ලේකම් අතර හමුවක්

ලෝක ආහාර වැඩසටහනේ (WFP) නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය ලේකම් අතර හමුවක්

ලෝක ආහාර වැඩසටහනේ (world Food Programe – Sri Lanka) මෙරට නියෝජිත ලෙස පත් වූ පිලිප් වෝඩ් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ රොබට් ඔලිවර් යන මහත්වරුන් ඊයේ (27) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා හමුවුණා.

1968 සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ලෝක ආහාර වැඩසටහන මගින් ශ්‍රි ලංකාවේ ආහාර සුරක්ෂිතතාව, පෝෂණ සුරක්ෂිතතාව, ආර්ථික හා දේශගුණික අභියෝගයන්ට මුහුණ දෙන ප්‍රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම කෙරෙහි සහය ලබා දීම මෙමගින් සිදු කෙරෙනවා.

මෙහිදී 2023- 2027 දක්වා ලෝක ආහාර වැඩසටහනේ (WFP) උපායමාර්ගික සැලැස්ම සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු වූ අතර විශේෂයෙන් ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ සුරක්ෂිතතාව වෙනුවෙන් රජයේ ඉදිරි වැඩ පිළිවෙල අනුව ලෝක ආහාර වැඩසටහන (WFP) සමග සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව සාකච්ඡා කළා.

 

Share This