
වගා හානි වන්දි රුපියල් මිලියන 1484ක් ගෙවා අවසන්
2024-2025 මහ කන්නයේ වී, බඩ ඉරිඟු, ලොකු ලූනු, මිරිස්, සෝයා, අර්තාපල් වගා හානි වන්දි වශයෙන් රුපියල් මිලියන 1484ක් ගෙවා අවසන් කර තිබෙනවා
ඒ අනුව අක්කර 87690ක් වගා කළ ගොවීන් 74958ක ප්රමාණයක් මෙලෙස වන්දි ගෙවා ඇති බව සඳහන්
මෙම වගාවන් සිදු කළ ගොවීන් හට නියඟය, ගංවතුර සහ වන අලින්ගෙන් සිදුවන හානිවලට ලක්වන අවස්ථාවලදී තම වගා බිම් හෙක්ටයාර් එකකට රු 100,000ක උපරිමයකට යටත්ව වන්දි ගෙවීම් සිදු කර තිබෙනවා
ගොවි ජනතාව වැඩි වශයෙන් වගා කිරීම සඳහා යොමු කිරීමේ පරමාර්ථය මත නොමිලේ වගා රක්ෂණ ක්රමවේදය යටතේ මෙම වගා හානි වන්දි පිරිනමා ඇති බව සඳහන්
මෙම කෘෂි රක්ෂණ යෝජනා ක්රමයේ ඇති විශේෂත්වය වනුයේ කිසිදු වාරික මුදලක් අය කිරීමකින් තොරව අදාළ ආපදා තත්ත්වයන්වලදී සිදුවන වගා හානි සඳහා වන්දි මුදල් රජය විසින් ගෙවනු ලැබීමයි