වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

නොර්වුඩ් පොලිස් වසමට අයත් ස්ටොක්හොම් වතු යායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් 15 දෙනෙකුට අද (13) බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම වතු යායේ පාලන අධිකාරිය පැවසුවේ, බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ තුවාලකරුවන්ගෙන් පස් දෙනෙකු දික්ඔය මූලික රෝහලට ඇතුලත් කල බවයි.

(13) දින උදැසන 9 ට පමණ තේ දළු නෙලමින් සිටියදි තේ වත්තේ විශාල ගසක් මත බැඳ තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහර දීම නිසා බඹරුන් ඇවිස්සී පහර දුන් බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරුවන් කියා සිටින්නේ.

සෙසු තුවාලකරුවන් වතු රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.

Share This