
වන අලි ගෙටම ඇවිත් පහරදී පස්දරු පියෙකු ජීවිතක්ෂයට…
තන්තිමලය, මානෑව ප්රදේශයේදී වනඅලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පතව තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ ඊයේ (06) රාත්රී 7.ට පමණ නිවෙස් හිමියා නිවසේ ආලින්දයේ සිටින අතරතුර පැමිණි වන අලියෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර පහරදීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු තන්තිමලය ප්රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මෙසේ මියගොස් ඇත්තේ තන්තිරිමලය, මානෑව ප්රදේශයේ පදිංචි හැට හතර හැවිරිදි පස්දරු පියෙක්.
ප්රදේශයේ වන අලි පහරදීම් වලින් පසුගිය සමයේ මරණ රැසක් සිදුව ඇති අතර ගම්වාසීන් පවසන්නේ වන අලි ගැටලුවට වහාම විසඳුමක් ලබාදෙනන ලෙසයි.
