වනාතවිල්ලුවේ රක්ෂිතයක අක්කර 600 ක් එළි කළ විදේශිකයින් ඇතුළු 12 ක් අත්අඩංගුවට

වනාතවිල්ලුවේ රක්ෂිතයක අක්කර 600 ක් එළි කළ විදේශිකයින් ඇතුළු 12 ක් අත්අඩංගුවට

වනාතවිල්ලුව වීරක්කොලී චොලේ රජයේ රක්ෂිතයේ අක්කර 600 එළි කරමින් සිටි විදේශිකයන් දෙදෙනෙකු ඇතුළු 12 දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව පුත්තලම අඩවි වන කාර්යාලය පවසනවා.

මෙම වැටලීම සිදු කර ඇත්තේ වනාතවිල්ඵව ප්‍රාදේශීය ලේකම් මිලන්ග ප්‍රභාත් නන්දසේන මහතාට ලැබුණු තොරතුරක් මත ඒ මහතා සංරක්ෂක දෙපාර්තුමේන්තුවේ වනාතවිල්ලුව වන ශ්‍රේෂ්ත්‍ර සහකාරවරුන් හා බීට්ටු වන නිළධාරින් හා වනාතවිල්ලුව පොලීසීය එක්වයි.

මල්විල ප්‍රදේශයෙන් වීරක්කොලීචොලේ රජයේ රක්ෂිතයට ඇතුලත් කොටසක් එළිපෙහෙලි කරන විට මෙම වැටලීම සිදු කර තිබෙනවා.

වැටලිමට එක් වූ නිලධාරීන් පැවසුවේ සැකකරුවන් සතුව කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ආමාත්‍යවරයා විසින් ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත කෘෂිකර්ම ව්‍යපෘතියක් සදහා ඉඩම් ලබා දෙන ලෙසට කරණ ලද ඉල්ලීමක් සහිත ලිපියක් පමණක් තිබි නිළධාරින්ට ඉදිරිපත් කළ බවයි.

පිරිස රැගෙන ගිය ට්‍රැක්ටර් රථය හා උපකරණ කිහිපයක් වන සංරක්ෂණ නිලධාරින් බාරයට ගත් බව පුත්තලම අඩවි වන නිළධාරි අශෝක ප්‍රේමරත්න මහතා සදහන් කළා.

වන සංරක්ෂක නිළධාරින් පැවසුවේ මේ සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර එම ප්‍රදේශයේ පුද්ගලයින් සිව් දෙනකු හා කොළඹ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයක ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයකු ඇතුළු පිරිසක් සිටින බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සියළු දෙනා වනාතවිල්ලුව පොලීසියේ රදවා සිටින අතර අද (09) වන සංරක්ෂණ දෙපාර්ථමේන්තුව විසින් පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

ලබන 13 වැනිදා චෝදනා ගොනු කිරීමට නියමිතව ඇති අතර සැකකරුවන් 12 දෙනෙකු ඇප මත නිදහස් කර තිබෙනවා.

 

 

 

Share This