වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මුහුදු අශ්වයන් රැසක් සිඩ්නි වරාය ආශ්‍රිතව මුදාහරින අයුරු (VIDEO)

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මුහුදු අශ්වයන් රැසක් සිඩ්නි වරාය ආශ්‍රිතව මුදාහරින අයුරු (VIDEO)

මුහුදු අශ්වයන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම සඳහා සිඩ්නි වරාය ආශ්‍රිතව ලොව විශාලතම මුහුදු අශ්වයන් සිය ගණනක් මුදා හැරීම අවසන් කළ බව විද්‍යාඥයෝ පවසනවා

White’s Seahorse නමින් හඳුන්වන මෙම සත්ත්ත්වයින් ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළට ආවේණික වනවා

පරිසර දූෂණය සහ වාසස්ථාන අහිමි වීම හේතුවෙන් 2020 දී මෙම සත්ත්ත්වයින් වඳවීමේ තර්ජනයට ලක්වුණා

සිඩ්නි සමුද්‍ර විද්‍යා ආයතනය විසින් මෙම සත්ත්ත්වයින් තිදෙනෙක් රඳවාගෙන ලබාගත් පැටවුන් 380 දෙනෙක් මුදා හැර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මොවුන් මුදා හැර තිබෙන්නේ වර්ධනය සහ ඔවුන්ගේ ප්‍රජනන සාර්ථකත්වය නිරීක්ෂණය කිරීමට හැකි වන ලෙසත් හඳුනාගැනීමට හැකිවන පරිදි සංකේත සටහනක්ද එක්කරමිනුයි

මුහුදු අශ්වයන් මුදාහරින අයුරු දැක්වෙන වීඩියෝව පහතින් නැරඹිය හැකියි

Share This