
වර්තමාන සමාජයට වෙන කවරදාටත් වඩා වටින ඉගැන්වීමක් – අගමැතිනිය
ආග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියද නබි නායකතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ නබි නායකතුමන්ගේ ඉගැන්වීම් හුදෙක් ආගමික රාමුවකට සීමා නොවී සමස්ත මානව වර්ගයාගේ යහපත උදෙසා වූ විශ්වීය මානුෂීය ප්රතිපත්ති මාලාවක් බවත්, විශේෂයෙන්ම සමාජ සාධාරණත්වය, සමානාත්මතාවය, පීඩිත ජනයා කෙරෙහි දක්වන කරුණාව සහ පාලකයාගේ වගවීම පිළිබඳ එතුමන්ගේ ඉගැන්වීම් වර්තමාන සමාජයට වෙන කවරදාටත් වඩා අදාළ වන බවයි.