වර්ෂාවෙන් වැඩි බලපෑමකට ලක්වූ දිස්ත්‍රික්ක සඳහා වැඩි අවධානයක්

වර්ෂාවෙන් වැඩි බලපෑමකට ලක්වූ දිස්ත්‍රික්ක සඳහා වැඩි අවධානයක්

මේ දිනවල පවත්නා අධික වර්ෂාපතනය හේතුවෙන් වැඩි වශයෙන් බලපෑමකට ලක්වූ පුත්තලම, ගම්පහ, කොළඔ, කළුතර දිස්ත්‍රික්ක සඳහා වැඩි අවධානයක් යොමු කරමින් එම දිස්ත්‍රික්කවල වෙසෙන ගංවතුර ආපදාවන්ට ලක්වූවන් වෙනුවෙන් යුහුසුළුව සහන සැළසීමට සූදානම් බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අදිප තිලකරත්න මහතා පවසනවා

ඔහු මේ බව පැවසුවේ අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 16ක වෙසෙන ජනතාව පීඩාවට පත්ව ඇති බවත් ඔවුන් වෙනුවෙන් සහන සැළසීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් සිදු කරන බවද ඔහු පැවසුවා

අපදාවන්ට ලක්වූ ජනතාව හඳුනා ගෙන ඔවුන් සුරක්ෂිත ස්ථාන වෙත ගෙන යාමට කටයුතු කර ඇති බව කී ඒ මහතා , ඒ සඳහා ශ්‍රි ලංකා යුධ හමුදාව, නාවික හමුදාව ඔවුන්ගේ යාත්‍රා ,ට්‍රක් රථ,බර වාහන මඟින් මෙම පිරිස් ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට කටයුතු කරන බවද මෙහිදී ප්‍රකාශ කළා

Share This