වව්නියාව – මන්නාරම් මාර්ගයේ රිය අනතුරකින් දෙදෙනෙකුට දිවි අහිමිවෙයි
වව්නියාව මන්නාරම් මාර්ගයේ කුරුක්කල්පුදුකුලම් ප්රදේශයේ දී යතුරු පැදියක් හා බස්රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් 48 හැවිරිදි පියා හා 16 හැවිරිදි පුතා ජීවිතක්ෂයට පත් ව ඇති අතර බස් රථයේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.
අනතුරින් පසුව කලහාකාරී ලෙස හැසිරුණු ප්රදේශවාසීන් බස් රථයටද දැඩි හානි සිදු කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පුලියන්කුලම පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා