
වාග් සංග්‍රාමයකට පෙරළුණු ට්‍රම්ප් හා සෙලෙන්ස්කි හමුව
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා යුක්රේන ජනපති ව්ලොදිමියර් සෙලෙන්ස්කි අතර ඊයේ ධවල මන්දිරයේදී පැවැත්වූ සාකච්ඡාව බලාපොරොත්තු නොවන ලෙස වාග් සංග්‍රාමයකට පෙරලී අමිහිරි අවසානයක් දැක තිබෙනවා.
ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධයෙන් අමෙරිකාව සමඟ ගිවිසුමකට අත්සන් තැබීමට යුක්රේන ජනපතිවරයා ධවල මන්දිරයට පැමිණි අවස්ථාවේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුව උණුසුම් අයුරින් පිළිගෙන ඇති බව සඳහන්.
කෙසේවෙතත් හමුවෙන් අනතුරුව පැවැත්වීමට නියමිතව තිබූ නායක දෙපළගේ ඒකාබද්ධ ප්රවෘත්ති සාකඡාවටත් පෙර, යුක්රේන නියෝජිත පිරිසට එම ස්ථානයෙන් පිටව යන ලෙසයි අමෙරිකානු ආරක්ෂක උපදේශකවරයා සහ රාජ්‍ය ලේකම්වරයා දැනුම් දී තිබුණේ.