වාර්ගික වෙනස්කම් කිරීම නිසා අමෙරිකානු ගුවන් සේවයට නඩු පවරයි

වාර්ගික වෙනස්කම් කිරීම නිසා අමෙරිකානු ගුවන් සේවයට නඩු පවරයි

කළු ජාතිකයින් තිදෙනෙකු අමෙරිකන් එයාර්ලයින්ස් සමාගමට එරෙහිව වාර්ගික වෙනස්කම් කිරීමේ නඩුවක් ගොනු කර තිබෙනවා.

ශරීරයේ දුර්ගන්ධය පිළිබඳ පැමිණිල්ලකින් පසු ගුවන් සමාගම ඔවුන්ව ගුවන් යානයකින් කෙටි කලකට ඉවත් කළ බවට මෙහිදී ඔවුන් චෝදනා කර තිබෙන බව සඳහන්.

එහිදී ඇරිසෝනා හි ෆීනික්ස් සිට නිව් යෝර්ක් දක්වා පියාසර කළ සෑම කළු ජාතිකයෙකුම ඉවත් කළ බව එම කළු ජාතිකයින් තිදෙනා ප්‍රකාශ කර බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ .

අමෙරිකන් එයාර්ලයින්ස් ඔවුන්ව කළු ජාතිකයන් ලෙස වෙන් කර, අපහසුතාවයට පත් කළ අතර අවමානයටද ලක්කර තිබෙන බවට ඔවුන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ටෙක්සාස් පදනම් කරගත් ගුවන් සමාගම පැවසුවේ චෝදනා එහි වටිනාකම් සමඟ නොගැලපෙන බැවින් මේ පිළිබඳව විමර්ශනය කරන බවයි.

Share This