වැග්නර් ප්‍රධානියාගේ අවසන් කටයුතු සිදු කෙරේ

වැග්නර් ප්‍රධානියාගේ අවසන් කටයුතු සිදු කෙරේ

වැග්නර් ප්‍රධානී Yevgeny Prigozhin ගේ අවසන් කටයුතු සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

Prigozhin ගේ දේහය ඔහුගේ නැසීගිය පියාගේ ස්මාරකය අසල ශාන්ත පීටර්ස්බර්ග් මායිමේ Porokhovskoe සුසාන භූමියේ තැන්පත් කර ඇති බව වැග්නර් කණ්ඩායමේ නියෝජිතයින් පවසා තිබෙනවා

එමෙන්ම වැග්නර් ප්‍රධානියාට හමුදා ගෞරව නැති බවත් ඊට සහභාගී වූයේ කිහිප දෙනෙකු පමණක් බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා

රුසියාවේ MSK1 වෙබ් අඩවිය සුසානභූමියේ නිලධාරීන්ගේ අදහස් උපුටා දක්වමින් ප්‍රකාශ කළේ ඊයේ (29) එරට වේලාවෙන් 16:00 ට පමණ අවමංගල්‍ය සිදු කළ බවයි.

වැග්නර් කුලී හේවා කණ්ඩායමේ කළු-කහ-රතු ධජය එම ස්ථානයේ දැකගත හැකි බවද සඳහන් වනවා

අගෝස්තු 23 වන දින මොස්කව් අසලදී කඩා වැටුණු ගුවන් යානයක තිබී සොයා ගත් මළ සිරුරු 10 ක ජාන විශ්ලේෂණයෙන් අනතුරුව රුසියානු නිලධාරීන් විසින් වැග්නර් කණ්ඩායමේ නායකයා මියගිය බවට තහවුරු කරනු ලැබුවා

 

Share This