වැඩි වැටුප් ඉල්ලා බංග්ලාදේශයේ ඇඟලුම් සේවකයින් විරෝධතාවක

වැඩි වැටුප් ඉල්ලා බංග්ලාදේශයේ ඇඟලුම් සේවකයින් විරෝධතාවක

වැටුප් වැඩි කිරීමක් සිදු කරන ලෙස ඉල්ලා බංග්ලාදේශයේ ඇඟලුම් සේවකයින් සිදු කළ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය රබර් උණ්ඩ සහ ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඔවුන් සිදු කරන ලෙස ඉල්ලූ වැටුප් වැඩි වීම එරට රජය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග විරෝධතා තවදුරටත් උත්සන්න වීම වළක්වාලීම සඳහා එම ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ විරෝධතා සඳහා දහස් ගණනක කම්කරුවන් පිරිසක් සහභාගී වී තිබෙනවා.

ඔවුන් කම්හල් නිලධාරීන් වෙත ගල්මුල් ප්‍රහාර ද එල්ල කර ඇති අතර කම්හල් රැසක කටයුතු අඩපණ වී ඇති බවයි වාර්තා වන්නේ.

බංග්ලාදේශයේ වාර්ෂික අපනයනවලින් 85%ක්ම සමන්විත වන්නේ ඇඟලුම්වලින් වන අතර සේවකයින්ගේ මාසික වැටුප ටකා 8,300කින් ආරම්භ වන බව සඳහන්.

එමෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයේ නිරත වන්නන්ගෙන් වැඩි පිරිසක් කාන්තාවන් වනවා.

Share This