
වැල්ලවායේ බස් අනතුරට ජීප්රථ රියදුරෙක් අත්අඩංගුවට
පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැඳවූ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් ජීප්රථ රියදුරෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ බස් රථය ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය කරමින් සිටියදී ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටී ප්රපාතයට පෙරළී ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.
ඒ අනුවයි අනතුර සම්බන්ධයෙන් අදාළ ජීප් රථයේ රියදුරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.