වැලිකන්ද පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 05ක් බන්ධනාගාරයට

වැලිකන්ද පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 05ක් බන්ධනාගාරයට

පොළොන්නරුව වැලිකන්ද නවසේන පුර මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අත්අඩංගුවට ගත් රැඳවියන් පස්දෙනා ලබන (08) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා

වැලිකන්ද පොලිසිය පැවසුවේ පසුගිය 26 වැනිදා උදෑසන ශාරීරික අභ්‍යාසවල නිරතවන අවස්ථාවේදී සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ශාරීරික අභ්‍යාස නිලධාරීන් සමග බහින්බස්වීම දුර දිග ගොස් ඇති බවයි

වයස අවුරුදු 36 සිට 46 දක්වා වයස් කාණ්ඩවලට අයත් මෙම රැඳවියන් වැලිකන්ද පොලිසිය මගින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබුණා

සිද්ධිය සම්බන්ධයෙන් වැලිකන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා

Share This