
වැලිගම ජා.ජ.බ. මන්ත්‍රීවරුන් 02 ක් පැහැර ගැනීම ස.ජ.බ. යේ සභාපතිකමට නම් කළ ලියාපදිංචි අපරාධකරුවකු ගේ සැලැස්මක් බවට චෝදනා
පසුගිය 27 වැනිදා වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයකු සහ මන්ත්‍රීවරියක පැහැරගෙන යාම දේශපාලක් සිදුවීමක් නොව පාතාල ක්‍රියාකාරකමක් බව එම සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් පවසනවා.
ජාතික ජනබල වේගයේ මන්ත්‍රී වරුන් පිරිසක් අද (29) මාධ්‍ය හමුවක් කැදවමින් මේ අදහස් පළ කළා.
වැලිගම ප්‍රාදේශීය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී නීතිඥ අර්කම් ඉල්ලියාස් මහතා පැවසුවේ විපක්ෂයට හිතවත් මාධ්‍ය අදාල සිදුවීම විකෘති කරමින් සිටින බවයි.
මේ ප්‍රශ්නයට මූලික හේතුව සමගි ජනබල වේගයේ තිදෙනකු සභාපති අසුනට තරග වදින අතර ඉන් එක් අයකු ලියාපදිංචි අපරාධකරුවකු බවයි.
ප්‍රාදේශීය සභාවේ සමගි ජනබල වේගයට මන්ත්‍රීවරුන් 22 ක සහ 23 දෙනකු විපක්ෂයට ලයිස්තුවෙන් තේරී පත්ව සිටින බව එම පක්ෂයේ නාගරික මන්ත්‍රී නීතිඥ චින්තක හේවාපතිරණ මෙම මාධ්‍ය හමුවේ දී සදහන් කළා.
ඒ නිසා පසුගිය ඡන්ද විමසීම දා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 23 දෙනාම කතරගම හෝටලයක බලෙන් රදවාගෙන සිට අදාල දිනයේ ප්‍රාදේශීය සභාවට රැගෙන ආබව ඔහු පෙන්වා දුන්නා.
කොට්ටාශ 25 න් 22 ක් ජයගත් තම කණ්ඩායමට පැහැරගෙන යාමක් කිරීමට කිසිදු අවශ්‍යතාවක් නැති බව ජාතික ජනබල වේගයේ මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාර මහතා මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් කරුණු දැක්වූවා.
සමගි ජනබල වේගය ආධාර ලබන පිරිස් පසුගිය සිකුරාදා සභා භූමිය වෙත කැදවා කළහකාරී ලෙස කටයුතු සැලසුම් කර තිබුණේ සමගි ජනබල වේගයේ කණ්ඩායම බව ද නීතිඥ නානායක්කාර මහතා පෙන්වා දුන්නා.
ඡන්ද විමසීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් 5 – 6 ක පිරිසක් ජාතික ජනබල වේගයට සහාය දැක්වීමට සූදානමින් සිටි නව ද නාගරික මන්ත්‍රී අර්කම් ඉල්ලෙයාස් මහතා පැවසුවා.