
වැලිගම සභාපතිගේ ඝාතනයේ සැකකරුවන් පිරිසක් කැකිරාවේ දී අත්අඩංගුවට – නුවන් තාරක සොයා මෙහෙයුම්
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනට සම්බන්ධයෙන් අවශ්‍ය කරන පුද්ගලයකු අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පසුගිය 22 වන දා වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නාඳුනන තුවක්කුකරුවකු
විසින් වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධ යෙන් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිඹඳ අමාත්‍ය සහ අමාත්‍යාංශ ලේකම් වරයාගේ සහ පොලිස්පතිවරයාගේ උපදෙස් මත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සැලසුම් සහගත මෙහෙයුමකින් පසුව අනුරාධපුර කොට්ඨාසයේ කැකිරාව පොලිස් කොට්ඨාසයේ නිවාස 50 ප්‍රදේශයේ මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයින් සැඟවී සිටින බවට තොරතුරක් ලැබී ඇතැයි පොලීසිය පවසනවා.
ඒ අනුව එම කොට්ඨාසයේ නිලධාරීන් ,පොලිස් විශේෂ කර්ය බලකා නිලධාරීන් , යුධ හමුදා නිලධාරීන් ගේ ද සහය ඇතිව අද අළුයම් කාලයේ දී කමතක් සඳහා භාවිත කරන ලද අත් හැර දමන නිවසක් වටලා පරීක්ෂා කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ එහිදී සැකකරුවෙක් සහ සැකකාරියක් අත් අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ එම සැකකරුවන් සමග සිටි තවත් පුද්ගලයින් කිහිප දෙනකු පොලීසිය සමග පොර බදා තිබෙනවා.
එහිදී පොලිස් නිලධාරියකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා.
සැකකරුවන් අපරාධයට භාවිතා කළ යතුරු පැදිවලින් එක් යතුරු පැදියක් ,රුපියල් ලක්ෂ 12 කට අධික මුදල් ප්‍රමාණයක් ,හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය මත් ද්‍රව්‍ය භාවිතයට යොදාගන්නා උපකරණ පොලීසිය භාරයට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන්ට පහසුකම් සලසන ලද තවත් සැකකරුවකු ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා.
මෙම සැකකරුවන් අතර පොලිස් නිලධාරීන් සමග පොරබදන අවස්ථාවේ පළා ගිය සැකකරුවකු වන කොන්තපෙන,බැඳිපිට,අඟුළුගම ප්‍රදේශයේ පදිංචි හක්මන පරන ලියනගේ නුවන් තාරක, යන අය අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා තිබෙනවා.
පොලීසිය පවසන්නේ මෙම සැකකරු අඩි 5 අඟල් 6 ක් පමණ උසැති අතර දකුණු අතෙහි ඉහළ බාහුවේ ඉංග්‍රීසියෙන් ANURADA ලෙස ද වම් අතෙහි ” හිතුමතේ ජීවිතේ”ලෙසද පච්චා කොටා ඇති බවයි.
මොහු සම්බන්ධයෙන් තොරතුරක් ලදහොත් පහත දුරකතනවලට දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටිනවා.
පොලිස්පති (WhatsApp) 071 859 8888
මූල්‍ය අපරාධ කොට්ඨාසය 011 233 7162 / 071 859 2087
