විද්‍යා ,තාක්ෂණ හා නවෝත්පාදනය වෙනුවෙන් චීන – ශ්‍රී ලංකා ගිවිසුමක්

විද්‍යා ,තාක්ෂණ හා නවෝත්පාදනය වෙනුවෙන් චීන – ශ්‍රී ලංකා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ  චීනය  අතර විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන විෂය ක්ෂේත්‍රයේ  සහයෝගීතාව වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පසුගිය දා චීනයේ චෙන්ඩු හිදී සිදු කෙරුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ගිවිසුමට අත්සන් තැබූ අතර චීන රජය වෙනුවෙන් චීනවේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය යින් හෙයිජුන් මහතා  අත්සන් තැබුවා.

දෙරටෙහි විද්‍යා, තාක්ෂණ හා නවවෝත්පාදන ක්ෂේත්‍රයන් හි සහයෝගීතාවය දිරිගැන්වීම සහ ඒ සඳහා සහය ලබාදීම මෙම ගිවිසුමට අයත් එකගතාවක්.

තිරසර සංවර්ධනය, තාක්ෂණික නවවෝත්පාදනය සඳහා විශේෂ අවධානය යොමු කිරීම හා දේශගුණ විපර්යාස, ආහාර සුරක්ෂිතතාව සහ ජෛව විවිධත්වය  සංරක්ෂණය වැනි ගෝලීය අභියෝගයන්ට විසඳුම් සෙවීම, ගිවිසුමේ තවත් එකග තාවක් වනවා.

සමානාත්තමතාවය, අන්‍යාන්‍ය ප්‍රතිලාභ සහ අන්‍යාන්‍ය එකඟතාවය මත දෙපාර්ශ්වය අතර විද්‍යාව හා තාක්ෂණය හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව වැඩිදියුනු කිරීම ප්‍රවර්ධනය ද  ගිවිසුම ඇතුළත් අනෙක් එකගතාවයි.

Share This