
විදුලි කප්පාදුව අවසන්
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් මේ වන විට ජාතික විදුලිබල පද්ධතියට එක් කර ඇති අතර ඒ හේතුවෙන් විදුලි කප්පාදුව අවසන් කළ හැකි බව බලශක්ති අමාත්‍යංශය පවසනවා
එමෙන්ම එහි ඉතිරි ජනන යන්ත්‍ර දෙක ඉදිරි දින කිහිපය තුළ ක්‍රමයෙන් පද්ධතියට එක් කිරීමට නියමිත බවයි අමාත්‍යංශය නිවේදනය කළේ
කෙසේ වෙතත් නැවත මෙවන් තත්ත්වයක් රට තුළ ඇති නොවීමට අවශ්‍ය කෙටිකාලීන සහ දීර්ඝ කාලීන පියවර ගෙන ඇති බවත් ඒවා කඩිනමින් සිදු කිරීමට කටයුතු කරන බවත් සඳහන්