විදුලි  විසන්ධි කරන වේලාවන් ගැන තීරණය අද

විදුලි විසන්ධි කරන වේලාවන් ගැන තීරණය අද

නොරොච්චෝල   ගල්   අඟුරු   බලාගාරයේ   තුන්වැනි   යන්ත්‍රයේ මෙගාවොට් 300 ක ධාරිතාවයක් විදුලිබල පද්ධතියට එකතු  වුවත්  විදුලි  විසන්ධි  කිරීම  සිදුවන  බව  විදුලිබල  මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී සුසන්ත පෙරේරා මහතා සඳහන් කරනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

විදුලි විසන්ධි කිරීම අද (24 දා) සිදු නොකරන බවත් ඉදිරි දිනවලදී විදුලිය කොපමණ කාලයකින් විසන්ධි කරනවාද යන්න අද (24 දා) තීරණය කරන බවත් සුසන්ත පෙරේරා මහතා පවසනවා.

විදුලි ඉල්ලුම වැඩි වශයෙන් ඇති සවස 5.30ත් 9.30ත් අතර විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය අදහස් කරගෙන සිටින බවත් සෙනසුරාදා සහ ඉරිදා දිනවල විදුලි ඉල්ලුම අඩු නිසා විසන්ධි නොකර සිටීමේ හැකියාව පවතිනවාද යන්න අධ්‍යයනය කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

ඩීසල්  සහ  දැවිතෙල්  ආශ්‍රිතව  විදුලිය  නිපදවන  බලාගාර  තුනක මෙගාවොට් 180 ක පමණ විදුලිය ඩීසල් හා දැවිතෙල් නොමැතිවීම හේතුවෙන් විදුලිය ජනනය කළ නොහැකි වන නිසා ජනවාරි 28 දා වනවිට නොරොච්චෝල බලාගාරයේ  තෙවැනි  යන්ත්‍රයෙන්  මෙගාවොට්  300  ක්  පද්ධතියට  එකතු  වුවත්  හිඟව  පවතින  මෙගාවොට්  1800  හේතුවෙන්  යම්  කාලවේලාවක්  විදුලිය  විසන්ධි  කිරීමට  සිදුවන බවද ඔහු සඳහන් කරනවා.

දැනට  තෙල්  සංස්ථාව  පවසන  පරිදි  ලබන   මාර්තු   මුල්   සතිය   වනතෙක්   දැවිතෙල්   නැවක්  නොපැමිණෙන බවත්  මෙම තත්ත්වය මත විදුලිබල මණ්ඩලය  හදිසි  ඉන්ධන  මිලදී  ගැනීමක්  සිදුකර  හෝ  තෙල්  සංස්ථාව  මගින්  ඉන්ධන  ලබාදීමක්  සිදු  කළහොත්  මෙම  තත්ත්වය වෙනස් කළ හැකි බවත් ඒ මහතා පවසනවා.

දැනට පවතින විදුලි අවශ්‍යතාව සපුරාලීම සඳහා ප්‍රමාණවත් ලෙස විදුලිය නොමැතිවීම නිසා රාජ්‍ය ආයතන හා අනිකුත් ආයතනවල අනවශ්‍ය විදුලි පහන් සහ වායු සමිකරණ  යන්ත්‍ර භාවිතය  අවම  කරන  ලෙස  විදුලි  බල  මණ්ඩලය  කැබිනට්  මණ්ඩලය හරහා ඉල්ලීමක් කිරීමට කටයුතු කරගෙන යන බවත් සඳහන්

Share This