විදුලිබල මණ්ඩලයට ණයට තෙල් දෙන්න බෑ-  බලශක්ති ඇමති කළ දැනුම් දීම මෙන්න

විදුලිබල මණ්ඩලයට ණයට තෙල් දෙන්න බෑ- බලශක්ති ඇමති කළ දැනුම් දීම මෙන්න

විදුලිබල මණ්ඩලයට ඉන්ධන ණයට දීමට නොහැකි බවත් විදුලි  අර්බුදයක්  එන  බවට  වසරකටත්  පෙර  සිට තමා කැබිනට්  මණ්ඩලයට ලිඛිතව සහ වාචිකව  08 වතාවක් දැනුවත් කළ බවත් බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පවසනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

මේ  වන  විට  තෙල්  සංස්ථාවද  ඉන්ධන  ලබා  ගැනීමේ  අර්බුදයකට  ලක්ව  සිටින  බවත්  තෙල් සංස්ථාවට නැප්තා ඩීසල් ලබාදෙමින් සිටින්නේ අත්පිට මුදලට බවත් ඇමැතිවරයා සඳහන් කර සිටිනවා

ලෝකයේ   ඉන්ධන   හිඟයක්   නොමැති   බවත්   තෙල්   සංස්ථාවට විදුලිබල මණ්ඩලයෙන් පමණක් රුපියල් බිලියන 100 ක් ණය තිබී මේ වන විට ඉන් බිලියන 20 ක් ගෙවා ඇති බවත් පැවසූ ඇමැතිවරයා විදුලිබල මණ්ඩලය විසින් තෙල් සංස්ථාවෙන්  ඉන්ධන  ඉල්ලීම්  කළේ  පසුගිය  ජනවාරි  24  වැනිදා සිට සතියකට බවත් අවධාරණය කර තිබෙනවා.

ඉන්පසු  තෙල්  සංස්ථාව  ඉන්දියන්  ඔයිල්  සමාගමෙන්  ඉන්ධන  ලබා  ගැනීමට  කටයුතු  කරන  බවත්  විදුලිබල  මණ්ඩලයට කෙළින්ම ඉන්ධන ආනයනය කරන බවට ප්‍රකාශ කළත් එම දෙයාකාරයම ඉටුවී නොමැති බව තෙල් සංස්ථාවෙන්  ඉන්ධන  ඉල්ලීම  හරහා  පෙනී  යන  බවද  ඇමැතිවරයා පවසනවා.

Share This