විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට

විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට

ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සලකා බලා තිබෙනවා.

ඒ, එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (15) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙම කාරක සභා රැස්වීම සඳහා බලශක්ති අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක් නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී වී තිබුණා.

මෙහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාව මෙම පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට අදාළව ඉදිරිපත් කර තිබූ යෝජනා සහ නිර්දේශ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර එහිදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවය පළවී තිබෙනවා.

පා‍ර්ලිමේන්තු කාර්යාලය නිවේදනය කළේ මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුවද කමිටුව හමුවේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දැක්වීම සිදු කළ බවයි.

එකඟ වූ සංශෝධනද සමඟ පනත් කෙටුම්පත භාෂාත්‍රයෙන්ම මුද්‍රණය කර හෙට (17) කාරක සභාවේ අනුමතියට ඉදිරිපත් කිරීමට මෙහිදී තීරණය කර තිබෙනවා.

මේ අනුව කාරක සභාව නැවත හෙට රැස්වීමට නියමිතයි.

මෙම කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, නලීන් බණ්ඩාර ජයමහ, අජිත් පී පෙරේරා, අසිත නිරෝෂණ එගොඩ විතාන, නීතීඥ ගීතා හේරත් සහ රවීන්ද්‍ර බණ්ඩාර යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියා.

 

 

Share This