විදෙස් ශ්‍රමිකයන්ටම වෙන් වූ පාස්පෝට් කවුළුවේ මෙහෙයුම් ඇරඹේ

විදෙස් ශ්‍රමිකයන්ටම වෙන් වූ පාස්පෝට් කවුළුවේ මෙහෙයුම් ඇරඹේ

විදෙස් රැකියා අපේක්ෂිත ශ්‍රමිකයන්ගේ විදේශ ගමන් බලපත් කඩිනමින් නිකුත් කිරීම සදහා ම වෙන් කළ විශේෂ කවුන්ටරය බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දී ආරම්භ කර තිබෙනවා.

ඉකුත් බදාදා දෙපාර්තමේන්තු සහ විදේශ සේවා නියුක්ති කාර්යංශ නිලධාරීන් සමග අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවැත්වූ සාකච්ඡාවක දී විදේශ ගතවන ශ්‍රමිකයින් සදහා වන විශේෂ කවුළුවක් විවෘත කිරීමේ තීරණය ගෙන තිබුණා.

විදෙස් රැකියාවක් සඳහා පිටත්ව යාමට අවශ්‍ය මූලික කාර්යයන් සම්පූර්ණ කළ අයදුම්කරුවකුට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් නිකුත් කරන ලිපිය දෙපාර්තමේන්තුවේ මෙම විශේෂ කවුළුවට ඉදිරිපත් කිරීමෙන් සිය විදෙස් ගමන් බලපත්‍රය කඩිනමින් ලබා ගැනීමට පහසුකම් සැපයෙනවා.

Share This