විදේශ ශ්‍රමික ආදායම ඩොලර් මිලියන 400 ඉක්මවයි

විදේශ ශ්‍රමික ආදායම ඩොලර් මිලියන 400 ඉක්මවයි

විදේශ ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබුණු ආදායම පෙබරවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 400 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කළේ පෙබරවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 407ක ප්‍රේෂණ ලැබී ඇති බවයි.

2022 වසරේ පෙබරවාරි මාසයේ විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 205ක මුදලක් ලැබී තිබුණා.

පසුගිය මාසයේදී විදේශ රැකියා සඳහා පුද්ගලයින් 23,974 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Share This