විපක්ෂ නායකගේ සක්වල වැඩසටහනට එක් වූ ශ්‍රීලනිප මන්ත්‍රී අංගජන් රාමනාදන්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ක්‍රියාත්මක කරන සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාතන් මහතා එක්වුණා.
ඒ අනුව අද (10) යාපනය පේදුරුතුඩුව කොට්ටවට්ටි දමිළ මිශ්‍ර පාසලටයි එම වැඩසටහන යටතේ සුහුරු පන්ති කාමරය ලබා දීම සිදු කෙරුණේ.