
විපතට පත් ජනතාවට උපකාර කිරීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට සහ විදේශිකයන්ට අවස්ථාව
විපතට පත් ජනතාවට උපකාර කිරීමට මුදල් ආධාර බැර කිරීම සඳහා ගිණුම් අංක විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලින් සහ මෙරට විදේශ තානාපති කාර්යාලවලින් ලබා ගත හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
මෙහිදී මෙරට මුදල් ඒකකයෙන් (රුපියල්) මෙන්ම ඇමරිකානු ඩොලර් මුදල් ඒකකයෙන්ද එම ආධාර බැර කළ හැකි අතර ඒ සඳහා ගිණුම් අංක දෙකක් ලබා දී තිබෙනවා.
අද (28) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ අමාත්‍ය විජිත හේරත් සමඟ ශ්‍රි ලංකාවේ සිටින විදේශ තානාපතිවරු සහ විදේශයන්හි ශ්‍රි ලංකා තානාපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවේදී මෙම තොරතුරු අනාවරණවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කලේ.
