
විභාග ගැටලුවට ලැබුණු විසඳුම
දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ එකම දිනයක යෙදීම හේතුවෙන් අසීරුතාවයට පත්ව සිටින සිසුන් වෙනුවෙන් දැනුම්දීමක් විභාග දෙපාර්තමේන්තුව විසින් සිදු කර තිබෙනවා.
ඒ අනුව එම සිසුන් අදාළ විභාග ප්‍රවේශ පත්‍රවල සහතික කළ පිටපතක් ලබන 27 වනදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කිරීම මගින් සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.