
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිට වැරදුන ඇමතුම (VIDEO)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගත් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත ජයකොඩි මහතා අද(29) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමතව තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් බව කියන කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ නම භාවිත කරමින් හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරයාට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට තර්ජනාත්මක ඇමතුම් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා මත ඊයේ රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වූ නීතිඥ ප්‍රියන්ත ජයකොඩි මහතා ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත්තා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ නම භාවිත කරමින් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක යන මහත්වරුන්ට තර්ජනාත්මක ඇමතුම් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි.
අදාළ සැකකරු කෙහෙල්බද්දර පද්මේ යැයි පවසමින් තවත් අයෙකු යොදාගෙන එම ඇමතුම් ලබාදී ඇති බවත් එය ඩුබායි රාජ්‍ය ඇමතුම් අංකයක් භාවිත කරමින් මෙරට සිට මෙහෙයවා ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ඊට අමතරව තමාටද කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගෙන් තර්ජනාත්මක ඇමතුම් ලැබුණු බවට ප්‍රියන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කර තිබුණා.
ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල ප්‍රතිඵල මත ඇමතුම් ලබාදුන් බව කියන පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර තිබුණේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.