විශේෂ බලකා සෙබලාගේ තොරතුරුවලින් ගිනි අවියක් – උන්ඩ සහ මත්ද්‍රව්‍ය තොගයක්   කළුතර, බෝම්බුවලින් සොයාගනී

විශේෂ බලකා සෙබලාගේ තොරතුරුවලින් ගිනි අවියක් – උන්ඩ සහ මත්ද්‍රව්‍ය තොගයක් කළුතර, බෝම්බුවලින් සොයාගනී

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ දෙකක් සමග කේරල ගන්ජා සමඟ හිටපු යුද හමුදා විශේෂ බලකායේ සෙබළෙකු ඇතුළු තවත් අයකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් කළුතර – බෝම්බුවලදීී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිසියම් පුද්ගලයෙකු ගිනි අවියක් සතුව කළුතර, බෝම්බුවල ප්‍රදේශයේ සැරි සරන බවට කළුතර කොට්ටාශ අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම සිද්ධියට සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනා පසුගිය 27 වන දා අයිස් මත්ද්‍රව්‍ය සමග කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගත්තා.

මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා ගෙන් ලද තොරතුරු මත එක් සැකකරුවෙකු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත බෝර දොළහ උණ්ඩ යෙදිය හැකි ආකාරයට සැකසූ ගිනි අවියක් සහ ඊට යොදන උන්ඩ දෙකක් බෝම්බුවල ඔහුගේ නිවස පිටුපස සඟවා තිබියදී සොයා ගෙන තිබුණා.

මීට අමතරව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ සඟවා තිබූ ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට සැක කෙරෙන මෝටර් රථ අංක තහඩු දෙකක් සහ යතුරුපැදි අංක තහඩු දෙකක් සහ ඊට අදාළ වන පරිදි ආදායම් බලපත්‍ර සහ රක්ෂණ කාඩ්පත් කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

තවද හිටපු යුද හමුදා විශේෂ බලකා සෙබළාගේ නිවසේ තිබී කේරළ ගංජා කිලෝ එකකට ආසන්න ප්‍රමාණයක්ද පොලිසිය විසින් සොයා ගත්තා.

මෙසේ අත්අඩංගුවට පත්වූයේ ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ සේවය කොට සේවයෙන් ඉවත් වූ බෝම්බුවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු හා එම ප්‍රදේශයේම පදිංචිි තවත් පුද්ගලයෙක්.

 

Share This