
විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අල්ලස් කොමිසමේ දෙදෙනකුට තර්ජනය කරලා
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය, අල්ලස් කොමිසමේ සහකාර නීති කොමසාරිස් සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මියට සහ විමර්ශන නිලධාරී පොලිස් පරික්ෂක දිලුම් දුශාන් යන දෙදෙනාට “මරණවා” යැයි කියා තර්ජනය කළ බවට ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මියට පැමිණිල්ලක් කර තිබෙනවා.
එහිදී මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ වහාම ඒ සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසියට පැමිණිලි කරන ලෙසයි.
ජනාධිපති නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් ගොනු කළ මෝසමක් මගින් ඇප ඉල්ලීමක් කළ අතර ඒ පිළිබඳව ලබන 08 වනදා කරුණු දක්වන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විත්තියේ නීතිඥවරුන්ට නියම කළා.
එම ඇප ඉල්ලිමට අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් මෙම ඇප ඉල්ලීමට විරෝධය පළ කළා.
කෙසේ වෙතත් මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම නඩුකරය ලබන 08 වනදා කැඳවීමට නියමිතව තිබෙන බැවින් එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසයි.
එම නඩුව අවසන් වී අධිකරණ ශලාවෙන් පිටතට පැමිණි අවස්ථාවේ දී එම සැකකාර වෛද්‍යවරියගේ දියණිය විසින් අල්ලස් කොමිසමේ නිලධාරීන්ට එසේ තර්ජනය කර තිබුණා.
මේ වන විට ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.