
විෂ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහි ‘රටම එකට’ 2වන අදියර ජනපති ප්‍රධානත්වයෙන් අද දකුණෙන් ඇරඹේ
ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම ඉලක්ක කර ගත් ‘රටම එකට’ ජාතික වැඩසටහනේ දකුණු පළාත් වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතයි.
ඒ අනුව රටම එකට ජාතික මෙහෙයුමේ දෙවන අදියර ලෙස තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ.
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම වෙනුවෙන් රටම එකට ජාතික මෙහෙයුම් වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.
ඒ අනුව ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව විසින් මත්ද්‍රව්‍ය ජාලය පිටුදැකීම, ඊට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය, මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරිම සඳහා ජන සහභාගිත්වය ලබා ගැනීම, ජනතාව දැනුවත් කිරීම සඳහා බහුජන සංවිධාන සහභාගි කර ගැනීම සහ මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම සිදුකරනවා.
– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න
