විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර විකිණී අවසන්

විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර විකිණී අවසන්

සංචාරක ඇෆ්ගනිස්ථාන සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග දෙක සඳහා නිකුත් කළ ප්‍රවේශපත්‍ර සියල්ල අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා

ඒ අනුව ප්‍රවේශපත්‍ර අලෙවි කළ ස්ථාන වෙත නොපැමිණෙන ලෙසටයි එම ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම, දඹුල්ල සහ කොළඹ නගරවල පිහිටුවා තිබූ ප්‍රවේශපත්‍ර අලෙවි ස්ථාන ද ප්‍රවේශපත්‍ර අවසන් වීම හේතුවෙන් වසා දැමීමට තීරණය කර තිබෙනවා

ඊයේ පැවති (17) පළමු විස්සයි විස්ස තරගය නැරඹීමට 18,000 ක ප්‍රේක්ෂක පිරිසක් පැමිණ තිබුණා.

දෙවැනි විස්සයි විස්ස තරගය හෙට (19) පැවැත්වෙන අතර තෙවැනි විස්සයි විස්ස තරගය ලබන 21 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි

Share This